Boolean variable එකක් වෙන්න පුළුවන් 0 නැත්නම් 1 විතරයි. ඒ නිසා Unit 4 එකේ තියෙන ඕනෑම Boolean law එකක් case දෙකකින් check කරලා බලන්න පුළුවන්. Law වල නම් list එකක් විදිහට කටපාඩම් කරනවාට වඩා මේක ඉක්මන්. A + AB = A ගන්න. A = 0 දාන්න. එතකොට වම් පැත්ත 0 + 0.B = 0 වෙනවා, දකුණු පැත්ත 0 වෙනවා. A = 1 දාන්න. එතකොට වම් පැත්ත 1 + 1.B = 1 වෙනවා, දකුණු පැත්ත 1 වෙනවා. Cases දෙකේදීම පැති දෙක සමානයි. ඒ නිසා B 0 වුණත් 1 වුණත් law එක හරි.
මේක trick එකක් නෙවෙයි. මේකට කියන්නේ Boole's expansion theorem එහෙමත් නැත්නම් Shannon expansion කියලා. හැබැයි මේක syllabus එකෙන් පිට තියෙන දෙයක් (Boole's expansion theorem). Teachers' Guide එකේ හැම law එකක්ම සම්පූර්ණ truth table එකකින් ඔප්පු කරලා තියෙනවා. ඒකෙදි කරල තියෙන්නෙත් මේ idea එකම හැම row එකක්ම ලියලා පෙන්වන එකයි (Teachers' Guide 4.2, pages 99 to 102) (ගුරු අත්පොත 4.2, පිටු 110 ඉඳන් 113). ඒ හැම proof එකක්ම ඉවර කරන්නේ "Above highlighted columns are identical" කියලා. ඒකම Sinhala Guide එකේ ලියලා තියෙන්නේ "ඉහත ඉස්මතු කරන ලද තීරයන්හි අගයන් සමාන ව ඇත" විදිහටයි. මෙතන plus ලකුණෙන් කියන්නේ OR කියන එකයි. ඒ කියන්නේ 1 + 1 = 1 වෙනවා. ඉස්කෝලේ algebra එකේදී A + A = A සහ 1 + A = 1 වැරදියි වගේ පෙනුණත් මෙතනදි ඒවා හරි යන්නේ ඒ නිසයි.
ළමයි, law එකක් අමතක වුණාම ඒක පාවිච්චි කරන්න කලින් මේ විදිහට case දෙකකින් test කරලා බලන්න. Boolean algebra laws ඔප්පු කරලා තේරුම් ගන්න හැටි කියන post එකෙන් හැම law එකක්ම හරි යන්නේ ඇයි කියලත්, ඊළඟට පාවිච්චි කරන්න ඕනේ මොන law එකද කියලා අඳුරගන්න විදිහත් පැහැදිලි කරනවා.
